වට්මෝර් ධූරයෙන් ඉවත් වෙයි

එංගලන්ත හා වෙල්ස් ක්‍රිකට් ආයතනයේ සභාපති ඉයන් වට්මෝර් ධූරයෙන් ඉවත් වී තිබෙනවා.
ඒ, සිය වසර 5ක ධූර කාලයෙන් මාස 13ක කාලයක් පමණක් කටයුතු කිරීමෙන් අනතුරුවයි.
2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී Colin Graves වෙනුවටයි 63 හැවිරිදි ඉයන් වට්මෝර් එරට ක්‍රිකට් ආයතනයේ සභාපතිධූරයට පත් වුණේ.
උප සභාපති Barry O’Brien වැඩබලන සභාපතිවරයා ලෙස ඉදිරියේ දී කටයුතු කරන නමුත්, ඔහු දීර්ඝ කාලීනව එම ධූරයට පත් වීමට සූදානම් නොමැති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.