ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්රසාද ලකුණු සටහන

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැති තවත් තරගයක් අද(30) නිමා වුණේ බංග්ලාදේශය හමුවේ පාකිස්තානයට කඩුලු 8ක ජයක් හිමි කර දෙමින්.
ඒ අනුව පාකිස්තානයට තවත් ප්රසාද ලකුණු 12ක් මෙම ජයග්රහනය හේතුවෙන් හිමි වුණා.
එම ප්රසාද ලකුණු 12ත් සමග මේ වන විට ලකුණු ප්රතිශතය අනුව ස්ථාන තෝරා ගනු ලබන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පාකිස්තානය සමත්ව තිබෙනවා.
ඊයේ දිනයේ දී ඉන්දියාව හා නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය ද නිමාවට පත් වූ අතර, එම තරගය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි.
ඒ අනුව කණ්ඩායම් දෙකම ප්රසාද ලකුණු 4 බැගින් ලබා ගැනීමට සමත් වුණා.
ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් ශ්රී ලංකාවට හිමිව ඇත්තේ ලකුණු ප්රතිශතය 100%ක් ලෙස සටහන්ව තිබීම හේතුවෙන්.
ප්රසාද ලකුණු සටහන –
The #WTC23 standings after Pakistan’s victory over Bangladesh 👇 pic.twitter.com/z8c8JgYDXX
— ICC (@ICC) November 30, 2021