Ultimate magazine theme for WordPress.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන ක්‍රීඩාංගනයේ වෙනසක්

මේ වන විට ක්‍රියාත්මක අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ලන්ඩන් නුවර “ද ඕවල්” ක්‍රීඩාංගනයේ දී 2023 වසරේ ජූනි මාසයේ දී පැවැත්වෙන බව ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) අද (21) නිවේදනය කළා.

කෙසේ වෙතත්, මීට පෙර ඔවුන් නිවේදනය කර තිබුණේ ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී අවසන් තරගය පැවැත්වෙන බවයි.

කෙසේ වෙතත්, 2023 වසරේ සිට 2025 වසර දක්වා පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බව ජගත් ක්‍රිකට් කවුන්සලය අද සදහන් කළා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු අදියරේ අවසන් තරගය 2021 වසරේ දී ඉන්දියාව හා නවසීලන්තය අතර පැවැත්වුණේ එංගලන්තයේ සවුත්හැම්ටන් හී දී යි.

එම තරගය ද ලෝඩ්ස් හී දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අවසන් තරගය සවුත්හැම්ටන් හී දී පැවැත්වීමට සිදු වුණා.

2023 අවසන් මහා තරගය පැවැත්වෙන දින මෙතෙක් නිවේදනය කර නැහැ. කෙසේ වෙතත්, ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ එම තරගය ජූනි 16 වැනිදා ආරම්භ වන අලුබදුන තරගාවලියට පෙර පැවැත්වීමට ඉඩ ඇති බවයි.

ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු හා දෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගන්නවා.

මේ වන වට ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව පළමු හා දෙවැනි ස්ථානවල රැදී සිටින අතර, ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයේ පසුවනවා.

Leave a comment