Ultimate magazine theme for WordPress.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර සිම්බාබ්වේ පිල පාකිස්තානය සමග ගැටෙයි

පාකිස්තාන කණ්ඩායම මැයි මාසයේ දී සිම්බාබ්වේ හි තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

මෙම සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 6 ක් පැවැත්වීමට නියමිත බවයි සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ද සිම්බාබ්වේ හී දී පැවැත්වෙන බැවින් මෙම තරගාවලිය ඊට පෙර සූදානමක් වශයෙක් සිම්බාබ්වේ කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇති.

පළමු එක්දින තරගය හරාරේ හි Takashinga ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනයේ දී මැයි 17 වැනිදා පැවැත්වීමට නියමිත අතර, සෙසු එක්දින තරග 5 හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ දී පිළිවෙලින් මැයි 19, 21, 23, 25 හා 27 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා හරාරේ හි හා බුලවායෝ හි ක්‍රීඩාංගන 4 කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව ද ඇතුළුව රටවල් 10 ක් ක්‍රීඩා කරන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පළමු ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් දෙක පමණක් ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.