Ultimate magazine theme for WordPress.

ලෝක කුසලානය වෙනුවට නෙදර්ලන්ත ප්‍රබලයින් දෙදෙනෙක් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තෝරා ගනියි

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන නෙදර්ලන්ත සංචිතය නිවේදනය කර තිබෙනවා.

ස්කොට් එඩ්වර්ඩ්ස්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

අත්දැකීම් බහුල ක්‍රීඩකයින් දෙදෙනෙකු වන Colin Ackermann හා Roelof van der Merwe මෙම සංචිතයට නම් කර නොතිබීම විශේෂත්වයක්.

ඔවුන් දෙදෙනා ලෝක කුසලානයට ක්‍රීඩා නොකර ඒ වෙනුවට එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට තීරණය කිරීම ඊට හේතු වී තිබෙනවා.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය Vitality Blast හෙවත් එංගලන්ත ප්‍රාන්ත විස්සයි 20 තරගාවලියේ තරග කාලසටහන සමග ඝට්ටනයකට ලක්ව ඇති අතර, ඒ අනුව ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ ද, ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ලෝක කුසලානයට ක්‍රීඩා කරන්නේ ද යන්න සම්බන්ධයෙන් තේරීමක් සිදු කිරීමට අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය නොමැති රටවල ඇතැම් ක්‍රීඩකයින්ට සිදුව තිබෙනවා.

ඒ අනුවයි Colin Ackermann හා Roelof van der Merwe එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ දී තමන් ක්‍රීඩා කරන Durham හා Somerset කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත්, Bas de Leede (Durham) හා Fred Klaassen (Kent) විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහා ඔවුන් නියෝජනය කරන ප්‍රාන්න කණ්ඩායම් විසින් නිදහස් කර ඇති බව සදහන්.

Tim Pringle සංචිතයට නම් කර ඇති අතර, මෙතෙක් විස්සයි 20 වරම් දිනා නොමැති Daniel Doram ද සංචිතයට ඇතුළත්. ආබාධ හේතුවෙන් Brandon Glover ට හා Timm van der Gugten ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබෙනවා.

ජූනි පළමු වැනිදා සිට 29 වැනිදා දක්වා කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී නෙදර්ලන්තය ක්‍රීඩා කරන පළමු තරගය ජූනි 4 වැනිදා නේපාලයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Netherlands squad :

Aryan Dutt, Bas de Leede, Daniel Doram, Fred Klaassen, Logan van Beek, Max O’Dowd, Michael Levitt, Paul van Meekeren, Scott Edwards (c/wk), Sybrand Engelbrecht, Teja Nidamanuru, Tim Pringle, Vikramjit Singh, Vivian Kingma, Wesley Barresi

Travelling reserve: Kyle Klein