Ultimate magazine theme for WordPress.

ලෝක කුසලානය අභියස සවුතිගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නිවේදනයක් ; ජමීසන් ඉන්දියාවට

ADVERTISEMENT

ආබාධයකට ලක්ව සිටි නවසීලන්ත සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුතිට මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කළ හැකි බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඒ අනුව ඔහු මෙම සති අන්තයේ දී ඉන්දියාවේ දී නවසීලන්ත සංචිතය සමග එක්වීමට නියමිතයි.

ලෝක කුසලානය යටතේ නවසීලන්තය ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 5 වැනිදා එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත අතර, එම තරගය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අරමුණින් සවුති එළඹෙන සෙනසුරාදා ඉන්දියාව බලා පිටත්ව යන බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ලෝඩ්ස් හී දී එංගලන්තයට එරෙහිව පසුගියදා පැවැති එක්දින තරගයේ දී ස්ලිප්හි පන්දු රකිමින් සිටියදී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී ටිම් සවුතිගේ දකුණු මාපටැඟිල්ලෙහි ආබාධයක් සිදු වුණා. අනතුරුව ඔහුට ශල්‍යකර්මයකට ද මුහුණ දීමට සිදුව තිබුණා.

කෙසේ වෙතත්, ඔහු මේ වන විට ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බව සදහන්.

මේ අතර, නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ක්යිල් ජමීසන් ද ඉන්දියාවේ දී නවසීලන්ත සංචිතය සමග එක්වීමට නියමිත බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඔහු ලෝක කුසලානය සදහා වන නවසීලන්ත සංචිතයට ඇතුළත්ව නොසිටිය ද, නවසීලන්ත සංචිතය සමග එක්ව පුහුණුවීම් කටයුතුවල නිරත වීමේ අරමුණින් ජමීසන් මෙලෙස ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

අවශ්‍යතාවයක් ඇති වුවහොත් නවසීලන්ත සංචිතයට කඩිනමින් කැදවීමේ අරමුණින් ඔහුව එලෙස ඉන්දියාවට පිටත් කර හැරීමට කටයුතු යොදා තිබෙනවා.

Leave a comment