ලෝක කුසලානයට දකුණු අප්‍රිකා සංචිතය නිවේදනය කෙරේ
ඔක්තෝබර් 5 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිත 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය නිවේදනය කර තිබෙනවා.
ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
සංචිතය සදහා වේග පන්දු යවන ක්‍රීඩක ජෙරාල්ඩ් කොට්සී (Gerald Coetzee) නම් කර තිබීම විශේෂත්වයක්. පසුගිය මාර්තු මාසයේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් ඔහු මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ එක්දින තරග දෙකක් පමණයි. එහිදී කඩුලු 5 ක් දවා ගැනීමට ඔහු සමත්ව තිබෙනවා.
ට්‍රිස්ටන් ස්ටබ්ස් හා ඩිවාල්ඩ් බ්‍රේවිස් සංචිතය සදහා නම් කර නැහැ.
ක්වෙන්ටන් ඩී කොක්, රීසා හෙන්ඩ්‍රික්ස්, හෙන්රික් ක්ලාසන්, ඒඩ්න් මාක්රම්, ඩේවිඩ් මිලර් හා රසී වැන් ඩර් ඩසන් වැනි අත්දැකීම් බහුල පිතිකරුවන් මෙන්ම, කාගිසෝ රබාඩා, අන්රික් නොකියා, ලුන්ගි එන්ගිඩී වැනි ප්‍රබල වේග පන්දු යවන්නන් මෙම සංචිතයට ඇතුළත්.
දග පන්දු යවන්නන් ලෙස කේෂාව් මහරාජ් හා ටබ්රයිස් ශම්සි සංචිතය සදහා නම් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
ලෝක කුසලාන තරගාවලිය යටතේ දකුණු අප්‍රිකාව ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 7 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිව දිල්ලි හී දී පැවැත්වීමට නියමිතයි.
සංචිත සදහා වෙනස්කම් සිදු කිරීමට සැප්තැම්බර් 28 වැනිදා දක්වා සියලු රටවල් වෙත අවස්ථාව පවතිනවා. සැප්තැම්බර් 28 වැනිදායි පසුව වෙනස්කම් සිදු කිරීමේ දී ඒ සදහා ජගත් ක්‍රිකට් කවුන්සලයේ අනුමැතිය අවශ්‍ය වනවා.
South Africa squad:
Temba Bavuma (c), Gerald Coetzee, Quinton de Kock, Reeza Hendricks, Marco Jansen, Heinrich Klaasen, Sisanda Magala, Keshav Maharaj, Aiden Markram, David Miller, Lungi Ngidi, Anrich Nortje, Kagiso Rabada, Tabraiz Shamsi, Rassie van der Dussen.