Ultimate magazine theme for WordPress.

ලෝක කුසලානයට තරග නිළධාරීන් නම් කෙරේ ; පළමු වගකීම ධර්මසේනට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා නම් කර ඇති තරග නිළධාරීන් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(8) නිවේදනය කළා.

අයි.සී.සී උසස්ම විනිසුරු කමිටුව වන ‘Elite Panel’ නියෝජනය කරන විනිසුරුවන් සියලු දෙනා ලෝක කුසලාන තරගාවලියට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අද දින නම් කෙරුණු තරග නිළධාරීන් 20 දෙනා තරගාවලියේ මූලික වටයේ තරග අරමුණු කර ගනිමින් නම් කර තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සදහා හා අවසන් මහා තරගය සදහා වන තරග නිළධාරීන් තරගාවලිය අතරතුර දී නම් කිරීමට නියමිතයි.

තරග නිළධාරීන් 20 දෙනා අතරින් 16 දෙනෙකු විනිසුරුවන් වන අතර, සිව් දෙනෙකු තරග තීරකවරුන් වනවා.

විනිසුරුවන් අතරට ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ද ඇතුළත්. ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ඔක්තෝබර් 5 වැනිදා පැවැත්වෙන පළමු තරගය වන එංගලන්ත-නවසීලන්ත තරගයේ දී පිටියේ විනිසුරුවරයෙකු ලෙස ද ධර්මසේන කටයුතු කිරීමට නියමිතයි.

Umpires:

Kumar Dharmasena, Marais Erasmus, Chris Gaffaney, Michael Gough, Adrian Holdstock, Richard Illingworth, Richard Kettleborough, Nitin Menon, Ahsan Raza, Paul Reiffel, Sharfuddoula Ibne Shaid, Rod Tucker, Alex Wharf, Joel Wilson, Chris Brown, Paul Wilson.

Match Referees:

Jeff Crowe, Andy Pycroft, Richie Richardson, Javagal Srinath

Officials for the tournament opener between England and New Zealand:

  • On-field Umpires – Nitin Menon, Kumar Dharmasena
  • TV umpire – Paul Wilson
  • Fourth Umpire – Sharfuddoula Ibne Shaid
  • Match Referee – Andy Pycroft