ලෝක කුසලානයට තරග තීරකවරුන් හා විනිසුරුවරුන් නම් කෙරේ

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටය සදහා හා සුපිරි 12 වටය සදහා තරග නිළධාරීන් නම් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඊට ශ්‍රී ලංකාවෙන් නිළධාරීන් දෙදෙනෙකු ද ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
තරග තීරකවරුන් ලෙස පත් කර ඇත්තේ ඩේවිඩ් බූන්, ජෙෆ් ක්‍රෝ, රංජන් මඩුගල්ල හා ජවගල් ශ්‍රීනාත්.
විනිසුරුවරුන් 16 දෙනෙකු ද නම් කර ඇති අතර, ඒ අතරට ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ද ඇතුළත්.
මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ පළමු තරගය ඕමානය හා පැපුවා නිව් ගිනියාව අතර පැවැත්වෙන අතර, එම තරගයේ තරග තීරකවරයා ලෙස රංජන් මඩුගල්ල මහතා කටයුතු කරන බව ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළා.
පිටියේ විනිසුරුවරුන් ලෙස කුමාර් ධර්මසේන හා නවසීලන්තයේ Chris Gaffaney කටයුතු කරනු ඇති.
තෙවන විනිසුරු ලෙස පළමු තරගය සදහා නම් කර ඇත්තේ Richard Kettleborough.
Match Officials at the ICC Men’s T20 World Cup 2021 :
Match Referees: David Boon, Jeff Crowe, Ranjan Madugalle, Javagal Srinath.
Umpires: Chris Brown, Aleem Dar, Kumar Dharmasena, Marais Erasmus, Chris Gaffaney, Michael Gough, Adrian Holdstock, Richard Illingworth, Richard Kettleborough, Nitin Menon, Ahsan Raza, Paul Reiffel, Langton Rusere, Rod Tucker, Joel Wilson, Paul Wilson.