ලේතම් – කොන්වේ 201* ක සබදතාවය හමුවේ බංග්ලාදේශය පළමු දිනයේ දී අසරණ වෙයි
Day 1 Report

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(9) ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව පිටියට පිවිසි නවසීලන්තය තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ පළමු දිනය අවසන් වන විට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 349ක් රැස් කරමින්.
සිය 12 වන ටෙස්ට් ශතකය වාර්තා කළ නායක ටොම් ලේතම් නොදැවී ලකුණු 186ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
ඩෙවෝන් කොන්වේ නොදැවී ලකුණු 99 යි.
ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 201ක්.
පළමු කඩුල්ල සදහා ලේතම් හා විල් යන්ග් අතර ලකුණු 148ක සබදතාවයක් ද ගොඩ නැගුණු අතර, එය බිද වැටුණේ විල් යන්ග් ලකුණු 54කට දවා ගැනීමට ශොරිෆුල් ඉස්ලාම් සමත් වීම හේතුවෙන්.
(විල් යන්ග් එක් පන්දුවකට ලකුණු 7ක් රැස් කළ හැටි – වීඩියෝව පහතින්)
Meanwhile, across the Tasman Sea… ⛴️
Chaos in the field for Bangladesh as Will Young scores a seven (yes, you read that correctly!) 😅#NZvBAN | BT Sport 3 HD pic.twitter.com/fvrD1xmNDd
— Cricket on BT Sport (@btsportcricket) January 9, 2022