වනිදු අභිබවා ලිවින්ග්ස්ටන්ට වාර්තාගත මිලක් ; දෙවනි දිනයේ මෙතෙක් අලෙවි වූ ක්‍රීඩක ලැයිස්තුව
2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දෙවන දිනය අදයි(13).
ඊයේ දිනයේ දී ක්‍රීඩකයින් 97 දෙනෙකු වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණු අතර, අද දිනයේ දී ද ක්‍රීඩකයින් රැසක් වෙන්දේසිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 600ක්.
මෙවර වෙන්දේසියේ දී මෙතෙක් විදෙස් ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිලට අද දිනයේ දී එංගලන්තයේ ලියම් ලිවින්ග්ස්ටන් අලෙවි වුණා.
පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ඔහුව මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 11.5ක මුදලකටයි.
මීට පෙර වනිදු හසරංග ඉන්දීය රුපියල් කෝටි 10.75ක මුදලකට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ද නිකලස් පූරාන් ඉන්දීය රුපියල් කෝටි 10.75ක මුදලකට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසින් ද මිලදී ගෙන තිබූ අතර, එය ඊයේ දිනයේ දී විදෙස් ක්‍රීඩකයෙකු අලෙවි වූ සම ඉහළම වටිනාකම ලෙසයි වාර්තා වී තිබුණේ.
අද දිනයේ පළමු පැය තුළ අලෙවි වූ හා අලෙවි නොවූ ක්‍රීඩක ලැයිස්තුව පහතින් –
අලෙවි වූ ක්‍රීඩකයින් –
- ඩාවිඩ් මලාන් ඒඩ්න් මාක්රම් – සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 2.6කට මිලදී ගනියි
- අජින්කෙයා රහානේ – කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටියකට මිලදී ගනියි
- මන්දීප් සිං – දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 1.10කට මිලදී ගනියි
- ලියම් ලිවින්ග්ස්ටන් – පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 11.5කට මිලදී ගනියි
- ඩොමිනික් ඩ්‍රෙක්ස් – ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 1.1කට මිලදී ගනියි
- ජයාන්ට් යාදෙව් – ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 1.7කට මිලදී ගනියි
- විජයි ශන්කර් – ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 1.4කට මිලදී ගනියි
- ඔඩියන් ස්මිත් – පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 6කට මිලදී ගනියි
- මාර්කෝ ජන්සෙන් – සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 4.2කට මිලදී ගනියි
- ශිවම් ඩූඩේ – චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 4කට මිලදී ගනියි
- කේ ගොව්තම් – ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් ලක්ෂ 90කට මිලදී ගනියි
අලෙවි නොවූ ක්‍රීඩකයින් –
- ඩාවිඩ් මලාන්
- මර්නස් ලබුෂේන්
- ඔයින් මෝර්ගන්
- සෞරාබ් තිවාරි
- ආරොන් ෆින්ච්
- චෙටස්වර් පුරාජා
- ජේම්ස් නීෂම්
- ක්‍රිස් ජෝර්ඩන්