Ultimate magazine theme for WordPress.

ලිට්ල්ගේ කඩුලු 6 හමුවේ අයර්ලන්තයට කඩුලු හතරක ජයක්

Match Report

ජොෂ් ලිට්ල්ගේ සුවිශේෂී පන්දු යැවීමේ දක්ෂතාවය හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු හතරක ජයක් වාර්තා කිරීමට සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

හරාරේ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිලට පන්දුවාර 42.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණයි.

වෙලින්ටන් මසකඩ්සා ලකුණු 40 ක් රැස් කළ අතර, රයන් බර්ල් ලකුණු 38 ක් ද, ක්ලයිව් මදන්දේ (Clive Madande) ලකුණු 33 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී ජොෂ් ලිට්ල් කඩුලු 6 ක් දවා ගත්තේ ලකුණු 36 ක් ලබා සිටියදීයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තය පන්දුවාර 40.1 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කර්ටිස් කැම්පර් පන්දු 71 කින් ලකුණු 66 ක් ලබා ගත්තා. ඒ, හතරේ පහර 10 ක් ද සමගින්.

පන්දු යැවීමේ දී බ්ලෙසින්ග් මුසරබානි හා බෙන්ඩන් මවුටා (Brandon Mavuta) කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස මේ වන විට අයර්ලන්තය පෙරමුණේ පසුවනවා.