Ultimate magazine theme for WordPress.

ලැන්කෂයර් නායකත්වය ලිවින්ග්ස්ටන්ට

මෙවර එංගලන්ත ප්‍රාන්ත 20යි 20 තරගාවලියේ දී (T20 Blast) ලැන්කෂයර් කණ්ඩායමේ නායකයා ලෙස ප්‍රහාරාත්මක පිතිකරු ලියම් ලිවින්ග්ස්ටන් පත් කර තිබෙනවා.

ඔහු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී පංජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ අතර, මේ වන විට ඔහු යළි එංගලන්තය වෙත පැමිණ ඇති බවයි ලැන්කෂයර් කණ්ඩායම නිවේදනය කළේ.

ඒ අනුව අද(25) Leicestershire කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරගය සදහා ලිවින්ග්ස්ටන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

මීට පෙර 2018 වසරේ දී ද ලියම් ලිවින්ග්ස්ටන් එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා.

ලැන්කෂයර් කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස කටයුතු කළ කීටන් ජෙනින්ග්ස් පසුගිය මාසයේ දී පාදයක ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙනුයි ඔහු වෙනුවට ලිවින්ග්ස්ටන් කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇත්තේ.