ලාංකිකයින් නොමැතිව තිසර නම් කළ සිය හොදම T20 කණ්ඩායම

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ තිසර පෙරේරා විසින් හොදම 20යි 20 ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ලෝක කණ්ඩායමක් නම් කර තිබෙනවා.
ඒ, News9 වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
මෙම ලෝක කණ්ඩායමට කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඇතුළත්ව නොතිබීමත් විශේෂත්වයක්.
ඉන්දීය ක්‍රීඩකයන් 4 දෙනෙකු, කොදෙව් ක්‍රීඩකයින් දෙදෙනෙකු, දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් දෙදෙනෙකු, ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් දෙදෙනෙකු හා ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයෙකු ඔහුගේ කණ්ඩායමට නම් කර තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගෙන ඇතත්, ලීග් තරග රැසකදී ඉහළ දක්ෂතා දැක්වීමට තිසර පෙරේරා මේ වන විට සමත්ව සිටිනවා.
ඒ අනුව එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමට තමා බලාපොරොත්තු සහගතව සිටින බවයි මෙම සම්මුඛ සාකච්ඡාවේ දී තිසර සදහන් කර ඇත්තේ.
“IPL තරඟාවලියට මාව තෝරා ගනියි කියලා මම බලාපොරොත්තු වෙනවා. මම ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී හොඳින් දස්කම් දැක්වුවා වගේම දැන් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේදීත් හොඳින් ක්‍රීඩා කරනවා.” යනුවෙන් තිසර සදහන් කළා.
“මගේ හැඟීම නම්, මම කණ්ඩායමක් සොයා ගනීවි කියලයි (අයි.පී.එල් තරගාවලියේදී), නමුත් එය හරියටම කියන්න බෑ. ඒක මගේ පාලනයේ නැති නිසා මම ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. මට කරන්න පුළුවන් එකම දේ බලාපොරොත්තුවෙන් සිටීමයි”
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා තිසර පෙරේරා ලියාපදිංචි වී සිටින්නේ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික වටිනාකමක් හිමිවන කාණ්ඩයෙන්.
තිසර පෙරේරා නම් කළ සිය හොදම 20යි 20 කණ්ඩායම –
1. Chris Gayle, 2. Rohit Sharma, 3. Virat Kohli, 4. AB de Villiers, 5. David Miller, 6. MS Dhoni (C), 7. Rashid Khan, 8. Sunil Narine, 9. Jasprit Bumrah, 10. Mitchell Starc, 11. Shaun Tait