ලයන්ස් පිලට එරෙහි ක්‍රිකට් ආයතන සංචිතය නම් කෙරේ
![](https://www.hitwicket.lk/wp-content/uploads/2022/06/dunith-wellalage-3rd-odi.jpg)
සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තෙදින පුහුණු ක්‍රිකට් තරගය සදහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංචිතය අද(24) ප්‍රකාශයට පත් කෙරුණා.
මෙම තරග සංචාරයේ දී ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර ටෙස්ට් තරග දෙකක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.
සංචාරය ආරම්භ කරමින් එංගලන්ත ලයන්ස් කණ්ඩායම ජනවාරි 25 වැනිදා තෙදින පුහුණු තරගයකට එක්වන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී යි.
එම තරගය සදහා නම් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංචිතයේ නායකත්වය දරනු ලබන්නේ සහන් ආරච්චිගේ විසින්.
දුනිත් වෙල්ලාලගේ, නිශාන් මදුෂ්ක, ලහිරු උදාර, ජනිත් ලියනගේ වැනි ක්‍රීඩකයින් ද මෙම සංචිතයට නම් කර තිබෙනවා.
ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පළමු සිව්දින ටෙස්ට් තරගය ජනවාරි 31 වැනිදා ද, දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි 7 වැනිදා ද ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
එක්දින තරග 3 පිළිවෙලින් පෙබරවාරි 15, 18 හා 21 යන දිනවලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
SLC Board XI
01. Lasith Croospulle
02. Lahiru Udara (WK)
03. Pasindu Sooriyabandara
04. Avishka Tharindu
05. Janith Liyanage
06. Sahan Arachchige – Captain
07. Nimesh Vimukthi
08. Isitha Wijesundera
09. Kavindu Pathirathna
10. Dushan Hemantha
11. Nimsara Atharagalla
12. Dunith Wellalage
13. Nishan Madushka