Ultimate magazine theme for WordPress.

ලයන්ස් පිලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල ලකුණු 320 ක් පිටුපසින්

Day 1 Report

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර තෙදින පුහුණු ක්‍රිකට් තරගය අද(25) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ලයන්ස් පිල පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවීමට අද දිනයේ දී තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 413 ක් ලබා සිටියදීයි.

ඇලෙක්ස් ලීස් ලකුණු 103 ක් රැස් කළේ පන්දු 97 කින්. Jack Haynes නොදැවී ලකුණු 63ක්, Josh Bohannon ලකුණු 58 ක්, Tom Abell ලකුණු 57 ක් හා Jamie Smith ලකුණු 50 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජනිත් ලියනගේ ලකුණු 47 කට කඩුලු 3 ක් දවා ගත්තා. කවිදු පතිරත්න හා තරිදු රත්නායක කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීම ඇරඹූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම පළමු දිනය නිමා වන විට කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 93 ක්.

නිශාන් මදුෂ්ක නොදැවී ලකුණු 56 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම මේ වන විට පළමු ඉනිමේ දී ලකුණු 320 ක් පිටුපසින් පසුවනවා.

Leave a comment