Ultimate magazine theme for WordPress.

ලයන්ස් කණ්ඩායම ලකුණු 98 ක් පිටුපසින්

Day 2 Report

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (8) ගාල්ල ක්‍රීඩාංගනයේ දී නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 234 ක්. ඇලෙක්ස් ලීස් නොදැවී ලකුණු 75 ක් ද, ජෙමී ස්මිත් නොදැවී ලකුණු 86 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ජොෂ් බොහනන් ලකුණු 54 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු ලකුණු 44 කට කඩුලු 2 ක් දවා ගත් අතර, චාමික කරුණාරත්න ලකුණු 42 කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ‘A’ නායක නිපුන් ධනංජය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, අද දිනයට තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 190 ක්. ඔවුන් සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 332 ක් රැස් කළා.

ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 128 ක් ලබා ගත්තේ හයේ පහර 3ක් හා හතරේ පහර 16 ක් සමගින්. නිපුන් ධනංජය ලකුණු 61 කට දැවී ගියා.ලක්ෂිත මනසිංහ ලකුණු 43 ක් ද, ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 42 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Josh Tongue ලකුණු 76 කට කඩුලු 5 ක් බිද හෙලුවා.

මේ වන විට එංගලන්ත ලයන්ස් කණ්ඩායම පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 98 ක්.