Ultimate magazine theme for WordPress.

ලබුෂේන් ලෝක කුසලානයෙන් ඉවත් කෙරේ ; මූලික සංචිතය මෙන්න

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු මූලික සංචිතය නම් කර තිබෙනවා.

මෙම සංචිතයෙන් මැද පෙල පිතිකරුවෙකු වන මර්නස් ලබුෂේන් ඉවත් කර තිබීම විශේෂත්වයක්.

මෙතෙක් එක්දින වරම් දිනා නොමැති පාදග පන්දු යවන ක්‍රීඩක Tanveer Sangha හා තුන් ඉරියව් ක්‍රීඩක Aaron Hardie මෙන්ම Nathan Ellis ද සංචිතයට නම් කර තිබීම කැපී පෙනෙනවා.

මෙම සංචිතයේ ක්‍රීඩකයින් පළමුව දකුණු අප්‍රිකාවේ දී තරග 5කින් යුත් එක්දින තරගාවලියක් ද, අනතුරුව ඉන්දියාවේ දී තරග 3කින් යුත් එක්දින තරගාවලියක් ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් පෞද්ගලික හේතුවක් මත දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා නොකරන අතර, ඔහු ඉන්දියාවේ දී ඔස්ට්‍රේලියානු සංචිතය සමග එක්වනු ඇති.

එංගලන්තයට එරෙහි අළුබදුන ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයේ දී ආබාධයකට ලක් වූ නායක පැට් කමින්ස්ට සම්පූර්ණයෙන් සුවය ලැබීම සදහා සති 6ක කාලයක් ගත වන නමුත්, ඔහු දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ දී ද කණ්ඩායමේ නායකත්වය දැරීමට සූදානමින් පසුවනවා.

මේ අතර, දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලියට පෙර දෙරට අතර තරග 3කින් යුත් 20යි 20 තරගාවලියක් ද පැවැත්වීමට නියමිත අතර, එම තරගාවලියෙන් ප්‍රබල ක්‍රීඩකයින් රැසක් විවේක ගැන්වීමටයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

මිචෙල් මාෂ් විසින් 20යි 20 කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි. මිචෙල් ස්ටක්, ජොෂ් හේසල්වුඩ්, ඩේවිඩ් වෝනර්, පැට් කමින්ස් හා කැමරන් ග්‍රීන් වැනි ක්‍රීඩකයින් 20යි 20 තරගාවලියට එක් වන්නේ නැහැ.

එක්දින සංචිතයට නම් කෙරුණු Aaron Hardie 20යි 20 සංචිතයේ ද ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා. Spencer Johnson හා Matt Short පළමු වරට ජාතික සංචිතයට නම් කර ඇති අතර, ජේසන් බෙහ්රෙන්ඩොර්ෆ් 2022 පාකිස්තාන සංචාරයෙන් පසුව යළි සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදා සිට නොවැම්බර් 19 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි. එම තරගාවලිය සදහා 18 දෙනෙකුගෙන් යුත් මූලික ඔස්ට්‍රේලියානු එක්දින සංචිතය 15 දෙනෙකු දක්වා අවම කිරීමට නියමිතව තිබෙනවා.

Australia’s preliminary World Cup squad:

Pat Cummins (c), Sean Abbott, Ashton Agar, Alex Carey, Nathan Ellis, Cameron Green, Aaron Hardie, Josh Hazlewood, Travis Head, Josh Inglis, Mitchell Marsh, Glenn Maxwell, Tanveer Sangha, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, David Warner, Adam Zampa.

T20I squad:

Mitchell Marsh (C), Sean Abbott, Jason Behrendorff, Tim David, Nathan Ellis, Aaron Hardie, Travis Head, Josh Inglis, Spencer Johnson, Glenn Maxwell, Matt Short, Steve Smith, Marcus Stoinis, Adam Zampa