ලබුෂේන් – කවාජා සම්බන්ධතාවය ඔස්ට්‍රේලියාව ස්ථාවර කරයි
Day 1 Report
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(4) සිඩ්නි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.
තරගයේ පළමු දිනය අයහපත් අලෝක තත්ත්වය හා වර්ෂාව සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් පන්දුවාර 47 කට සීමා වූ අතර, දිනය නිමා වන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියාව කඩුලු 2 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියා.
උස්මාන් කවාජා නොදැවී ලකුණු 54 යි. ඔහු සමග ඉනිම ආරම්භ කළ ඩේවිඩ් වෝනර් ලකුණු 10 කට දැවී ගියේ අන්රින් නොකියාගේ පන්දුවක් හමුවේයි.
මාර්නස් ලබුෂේන් හා කවාජා දෙවැනි කඩුල්ල සදහා ලකුණු 135 ක සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් වූ අතර, එම සබදතාවය බිද වැටුණේ ලබුෂේන් ලකුණු 79 කට දවා ගැනීමට නොකියා සමත් වීමත් සමගයි.
පන්දුවාර 11 කදී නොකියා කඩුලු 2ක් බිද හෙලුවේ ලකුණු 26 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.
Running repairs for Marnus Labuschagne! 🚬#AUSvSA pic.twitter.com/IdSl0PqicV
— cricket.com.au (@cricketcomau) January 4, 2023