Ultimate magazine theme for WordPress.

ලබන වසර හතර සදහා SLC ගෝලීය විකාශන අයිතිය අලෙවි කෙරේ

ගෝලීය වෙළදපොළ සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අයිතිය ලබා ගැනීමට Sony Sports සමාගම යළි සමත් වී තිබෙනවා.

2023 අප්‍රේල් මාසයේ සිට 2027 මාර්තු මාසය දක්වා වසර 4 ක කාලයක් වෙනුවෙනුයි මෙම විකාශන අයිතිය ලබා දී ඇත්තේ.

ඒ සදහා ලංසු කැදවීම මාර්තු පළමු වැනිදා අවසන් වූ අතර, එහිදී Disney Star සමාගම අභිබවා යමින් Sony Sports සමාගම යළිත් වරක් විකාශන අයිතිය හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා.

Viacom 18 සමාගම ද විකාශන අයිතිය ලබා ගැනීමේ සටනට අවතීර්ණ වීමට අවධානය යොමු කර තිබූ නමුත්, පසුව ඔවුන් එම අදහස අත්හැර තිබුණා.

සෝනි සමාගම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ඉදිරි වසර 4ක කාලය සදහා වන ගිවිසුමේ වටිනාමක නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැතත්, එය පසුගිය වසර 4ක කාලයට අදාළ ගිවිසුමේ වටිනාකමට වඩා අඩු අගයක් වන බවටයි විශ්වාස කෙරෙන්නේ.

පසුගිය විකාශන ගිවිසුමට අනුව එහි වටිනාමක අමෙරිකානු ඩොලර් මිලියන 23 ක් පමණ වූ බව සදහන්. එනම් රුපියල් කෝටි 781 ක පමණ අගයක්.