Ultimate magazine theme for WordPress.

ලකුණු 78 ක ජයකින් කොදෙව්වන් තරගාවලියේ ජය තහවුරු කර ගනියි

Match Report

බ්‍රෙන්ඩන් කිංග් හා ජොන්සන් චාර්ල්ස් වාර්තා කළ අර්ධ ශතක හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 78 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

සාජා හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 307 ක ඉලක්කයක් හඹා ගිය එමීර් කණ්ඩායම නියමිත පන්දුවාර 50 පිතිකරණයේ නිරත වුවත්, ඔවුන් කඩුලු 7ක් දැවී රැස් කළේ ලකුණු 228 ක් පමණයි.

අලී නසීර් ලකුණු 57 ක් හා බැසිල් හමීඩ් ලකුණු 49 ක් රැස් කළා. පන්දු යැවීමේ දී කවෙම් හොඩ්ජ් හා රොස්ටන් චේස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් සියලු දෙනා දැවී ලකුණු 306 ක් ලබා ගත්තේ පන්දුවාර 49.5 ක් අවසානයේ දී යි.

කිංග් ලකුණු 64 ක් හා චාර්ල්ස් ලකුණු 63 ක් වාර්තා කරමින් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ පළමු කඩුල්ලට ලකුණු 129 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින්.

ඔඩියන් ස්මිත් ලකුණු 37 ක් ද, Keacy Carty ලකුණු 32 ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී සහූර් ඛාන් ලකුණු 44 කට කඩුලු 3 ක් දවා ගත්තා.