Ultimate magazine theme for WordPress.

ලකුණු 33 ක පරාජයක් සමග එංගලන්තය ලෝක කුසලානයෙන් ඉවතට

Match Report

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී තමන් ලද 6 වැනි පරාජය ද ලබමින් තරගාවලියෙන් නිල වශයෙන්ම ඉවත් වීමට පසුගියවර ලෝක ශූරතාවය දිනූ එංගලන්ත කණ්ඩායමට අද(4) සිදු වුණා.

ඒ, ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයෙන් ලකුණු 33 ක පරාජයක් ලැබීමත් සමගයි.

අහ්මදාබාද් හි පැවැති මෙම තරගය තරගාවලියේ 36 වැනි තරගය වූ අතර, කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 286 ක් ලබා ගත්තා.

මර්නස් ලබුෂේන් ලකුණු 71 ක් හා කැමරන් ග්‍රීන් ලකුණු 47 ක් රැස් කළා. ස්ටීවන් ස්මිත් ලකුණු 44 යි. පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් ලකුණු 54 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 48.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 253 ක් පමණයි.

ජොනී බෙයාර්ස්ටව් ඉනිමේ පළමු පන්දුවෙන්ම දැවී ගියා. බෙන් ස්ටොක්ස් ලකුණු 64 ක් හා ඩේවිඩ් මලාන් ලකුණු 50 ක් ලබා ගත්තා. මොයීන් අලී ලකුණු 42 යි.

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා ලකුණූ 21 කට කඩුලු 3 ක් දවා ගත් අතර, මිචෙල් ස්ටක්, ජොෂ් හේසල්වුඩ් හා පැට් කමින්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

[team_standings 51865]