බංග්ලාදේශයට ලකුණු 105ක සැනසුම්දායක ජයක්
Match Report

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 105 ක ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
කෙසේ වෙතත්, දෙරට අතර පැවැති එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ සිම්බාබ්වේ කණ්ඩායමයි.
හරාරේ හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 9 ක් දැවී ලකුණු 256 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 32.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 151 ක් පමණයි.