Ultimate magazine theme for WordPress.

ලක්මාල්ගෙන් කඩුලු 4ක් ; ඩර්බිෂයර් කණ්ඩායමට ඉනිමක ජයක්

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ලෙස්ටර්ෂයර් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ඉනිමක හා ලකුණු 68ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ක්‍රීඩා කරන ඩර්බිෂයර් කණ්ඩායම අද(24) සමත් වුණා.

මෙම තරගයේ දී කඩුලු 4ක් දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වීම ද විශේෂත්වයක්.

ලෙස්ටර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ලෙස්ටර්ෂයර් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 213ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් ලකුණු 52කට කඩුලු 2ක් දවා ගත්තා.(දර්ශන පහතින්)

පිළිතුරු ලෙස ඩර්බිෂයර් කණ්ඩායම ශාන් මසූඩ් වාර්තා කළ ලකුණු 219ක් ශක්තිමත් වෙමින් පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 531ක්.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ලෙස්ටර්ෂයර් කණ්ඩායමට තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 250ක් පමණයි.

පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් ලකුණු 57කට කඩුලු 2ක් බිද හෙලුවා.(දර්ශන පහතින්)

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ ලකුණු 9ක් ලබා සිටි Ed Barnes හා ලකුණු 54ක් ලබා සිටි Louis Kimber.

Louis Kimber.