Ultimate magazine theme for WordPress.

ලක්නව් සුපර් ජයන්ට්ස් නායකත්වය රිෂාබ් පන්ට්ට

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නායකයා ලෙස රිෂාබ් පන්ට් පත් කර තිබෙනවා.

ඔහුව මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 27 ක වාර්තාගත මුදලකට ලක්නව් කණ්ඩායම මිලදී ගත් අතර, එය අයි.පී.එල් වෙන්දේසි ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට හිමි වූ ඉහළම මිලයි.

මීට පෙර ලක්නව් කණ්ඩායමේ නායකයා ලෙස කේ එල් රාහුල් කටයුතු කළා. 2022 වසරේදී ලක්නව් කණ්ඩායම අයි.පී.එල් තරග බිමට පිවිසීමෙන් අනතුරුව මේ දක්වා පැවැති තරගාවලි තුනේදීම නායකයා ලෙස ඔහු කටයුතු කළ අතර, පළමු අදියර දෙකේදීම එම කණ්ඩායම අවසන් වටය දක්වා රැගෙන යාමට රාහුල්ට හැකි වුණා.

කෙසේ වෙතත්, පසුගිය තරගාවලියේදී ලක්නව් කණ්ඩායමට 7 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමටයි සිදු වුණේ.

රිෂාබ් පන්ට් 2016 වසරේ සිට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අතර, ඔහු එම කණ්ඩායමේ නායකත්වයට පත් වූයේ 2021 වසරේදීයි.