Ultimate magazine theme for WordPress.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට නව ප්‍රධාන පුහුණුකරුවෙක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියාවේ ජස්ටින් ලැන්ගර් පත් කර තිබෙනවා.

ඒ, මෙතෙක් එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඇන්ඩි ෆ්ලවර් වෙනුවටයි.

ඇන්ඩි ෆ්ලවර් 2022 හා 2023 තරග වාරයන් හී දී ලක්නව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

ලක්නව් කණ්ඩායම අයි.පී.එල් තරගාවලියට පිවිසීමත් සමග ඔහුව ප්‍රධාන පුහුණුකරු ධූරයට පත් කෙරුණේ වසර දෙකක කාලයක් සදහායි.

එම අදියර දෙකේ දී ම ලක්නව් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 4 අතරට පිවිසීමට සමත් වුණා.

කෙසේ වෙතත්, ඇන්ඩි ෆ්ලවර්ගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකිරීමටයි ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පියවර ගෙන ඇත්තේ.

ජස්ටින් ලැන්ගර් මීට පෙර කිසිදු අයි.පී.එල් කණ්ඩායමක පුහුණුකරු ධුරයක් දරා නැහැ.

කෙසේ වෙතත්, ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම බිග් බෑෂ් ලීග් තරගාවලි 3ක් ජය ගෙන තිබුණා.