Ultimate magazine theme for WordPress.

රෝහිට්, කෝලි හා රාහුල් 20යි 20 න් ඉවතට, ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය සංචිත නම් කෙරේ

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 හා තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලි සදහා වන ඉන්දීය සංචිත අද(27) නිවේදනය කළා.

එක්දින සංචිතයෙන් අත්දැකීම් බහුල ආරම්භක පිතිකරුවෙකු වන ශිකර් ධවාන් ඉවත් කර තිබීම විශේෂත්වයක්.

කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් ද එක්දින හා 20යි 20 සංචිත දෙකටම නම් කර නොමැති අතර, 20යි 20 සංචිතය සදහා මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති ශිවම් මාවි හා මුකේෂ් කුමාර් නම් කර තිබෙනවා.

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ දී සිදු වූ ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියට ද ක්‍රීඩා කිරීමට නොහැකි වූ නායක රෝහිට් ෂර්මාට ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 තරගාවලිය ද අහිමි වී තිබෙනවා.

ඒ අනුව 20යි 20 තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස හර්ඩික් පාන්ඩ්යා කටයුතු කිරීමට නියමිතයි.

එක්දින කණ්ඩායමේ උප නායකයා ලෙස ද පාන්ඩ්යා නම් කර ඇති අතර, 20යි 20 කණ්ඩායමේ උප නායකයා ලෙස පත් කර ඇත්තේ සූර්යකුමාර් යාදව්.

20යි 20 තරගාවලියට සුපිරි පිතිකරු විරාට් කෝලි මෙන්ම කේ එල් රාහුල් ද නම් කර නැතත්, රෝහිට් ෂර්මා, විරාට් කෝලි හා කේ එල් රාහුල් යන ක්‍රීඩකයින් තිදෙනාම ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලිය සදහා නම් කර තිබෙනවා.

ආබාධවලට ලක්ව සිටින රවීන්ද්‍ර ජඩේජා මෙන්ම ජස්ප්‍රිට් බුම්රා මෙම තරගාවලි සදහා ද නම් කර නැහැ.

ඉන්දු – ශ්‍රී ලංකා 20යි 20 තරගාවලිය ජනවාරි 3 වැනිදා මුම්බායි හී දී ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි 20යි 20 තරගය ජනවාරි 5 වැනිදා පූනේ හී දී ද, තෙවැනි 20යි 20 තරගය ජනවාරි 7 වැනිදා රාජ්කොට් හී දී ද පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ජනවාරි 10 වැනිදා ගුවහාටි හී දී යි. ජනවාරි 12 වැනිදා හා 15 වැනිදා දෙවැනි හා තෙවැනි එක්දින තරග කොල්කටා හා තිරුවනන්තපුරම් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

India’s squad for Sri Lanka T20Is:

Hardik Pandya (Captain), Ishan Kishan (wk), Ruturaj Gaikwad, Shubman Gill, Suryakumar Yadav (VC), Deepak Hooda, Rahul Tripathi, Sanju Samson, Washington Sundar, Yuzvendra Chahal, Axar Patel, Arshdeep Singh, Harshal Patel, Umran Malik, Shivam Mavi, Mukesh Kumar.

India’s squad for Sri Lanka ODIs:

Rohit Sharma (Captain), Shubman Gill, Virat Kohli, Suryakumar Yadav, Shreyas Iyer, KL Rahul (wk), Ishan Kishan (wk), Hardik Pandya (VC), Washington Sundar, Yuzvendra Chahal, Kuldeep Yadav, Axar Patel, Mohd. Shami, Mohd. Siraj, Umran Malik, Arshdeep Singh.