Ultimate magazine theme for WordPress.

රෝයි තරගාවලියෙන් ඉවතට ; ආදේශක ක්‍රීඩකයාත් නම් කෙරේ

එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයිට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වී තිබෙනවා.

ඒ, පසුගියදා දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයේ දී ඔහුගේ පාදයක සිදු වූ ආබාධය හේතුවෙන්.

රෝයි වෙනුවට ජේම්ස් වින්ස් එංගලන්ත සංචිතයට කැදවීමට පියවර ගෙන ඇති අතර, ඒ සදහා තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද හිමිව තිබෙනවා.

වින්ස් එංගලන්ත සංචිතය සමග මෙතෙක් රැදී සිටියේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙසයි.

ජේසන් රෝයි මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්තය මෙතෙක් ක්‍රීඩා කළ තරග පහම ක්‍රීඩා කළ අතර, එහිදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 123ක්.