රෝච් කොදෙව් ටෙස්ට් සංචිතයට

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක කෙමා රෝච් බංග්ලාදේශයට එරෙහි කොදෙව් ටෙස්ට් සංචිතයට ඇතුළත් කර තිබෙනවා.
ඔහු බ්‍රිතාන්‍යයේ ප්‍රාන්ත සිව්දින තරගාවලිය ක්‍රීඩා කරමින් සිටියදී ආබාධයකට ලක් වූ අතර, ඒ අනුව සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවුවහොත් පමණක් ඔහුව ටෙස්ට් සංචිතයට ඇතුළත් කිරීමට කටයුතු කරන බවයි මීට පෙර නිවේදනය කර තිබුණේ.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(16) Antigua හී දී ආරම්භ වීමට නියමිතයි.
මේ අතර, දෙවැනි ටෙස්ට් තරගය සදහා බංග්ලාදේශ සංචිතයට අනමුල් හක් නම් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
ඒ, ආබාධයකට ලක් වීම හේතුවෙන් යසීර් අලී මෙම ටෙස්ට් තරගාවලියෙන් ඉවත් කිරීමට සිදුව ඇති බැවින්.