Ultimate magazine theme for WordPress.

රොෂාන් අබේසිංහ වෙනුවට මහරුෆ් විස්තර විචාරයට

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ ඉතිරි තරග සදහා ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු සහ විස්තර විචාරකයෙකු වන ෆර්විස් මහරුෆ් මහතා එක්ව තිබෙනවා.

හෙට(23) පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ සිට ඔහු ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුවට එක් වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙවර තරගාලියේ දී මෙතෙක් ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළ රොෂාන් අබේසිංහ මහතා වෙනුවට ෆර්විස් මහරුෆ් මෙලෙස විස්තර විචාරකයෙකු ලෙස එක්වන බව සදහන්.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ අවශ්‍යතාවයක් මතයි අබේසිංහ මහතා තරගාවලියෙන් ඉවත්ව ඇත්තේ.