Ultimate magazine theme for WordPress.

රේ එලින්ග්වර්ත් අභාවප්‍රාප්ත වෙයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන රේ එලින්ග්වර්ත් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පිළිකා රෝගයක් හේතුවෙන් මියයන විට ඔහු 89 හැවිරිදි වියේ පසු වුණා.

දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ එලින්ග්වර්ත් 1951 වසරේ දී සිය පළමු පෙල ක්‍රිකට් දිවිය ආරම්භ කළ අතර, ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනු ලැබුවේ 1983 වසරේ දී යි.

ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 51ක්.

සිය වසර 32ක පළමුපෙල ක්‍රීඩා දිවියේ දී ඔහු ලකුණු 24,134ක් හා කඩුලු 2,072 බිද හෙලීමට සමත්ව තිබුණා.

ටෙස්ට් තරග 61කදී ලකුණු 1,836ක් ලබා ගෙන ඇති ඔහු බිද හෙලූ කඩුලු ගණන 122ක්.

Leave a comment