Ultimate magazine theme for WordPress.

රෙහාන් අහ්මඩ් හදිසියේ ඉන්දියාව හැර යයි

මේ වන විට ඉන්දියාවේ රැදී සිටින එංගලන්ත පා දග පන්දු යවන ක්‍රීඩක රෙහාන් අහ්මඩ් යළි සිය රට බලා පිටත්ව යාමට තීරණය කර ඇති බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු එලෙස යළි එංගලන්තය බලා පිටත්ව එන බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔහු අද(23) ආරම්භ වූ ඉන්දු – එංගලන්ත සිව්වැනි ටෙස්ට් තරගය සදහා වන අවසන් 11 දෙනා අතරට නම් නොකෙරුණු අතර, අවසන් ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින් හෝ ඔහු යළි ඉන්දියාවට නොපැමිණෙන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

කෙසේ වෙතත්, ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු එංගලන්ත සංචිතයට ආදේශ කිරීමට ද පියවර ගෙන නැහැ.

19 හැවිරිදි රෙහාන් අහ්මඩ් ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරග තුන සදහාම ක්‍රීඩා කළ අතර, එහිදී ඔහු කඩුලු 11 ක් දවා ගැනීමට සමත් වුණා.