රූට් 2024 IPL තරගාවලියෙන් ඉවත් වෙයි

එංගලන්ත පිතිකරු ජෝ රූට් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මීළග අදියරෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
2024 අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිතයේ රදවා ගන්නා ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව අද දිනයේ දී නිවේදනය කළ යුතුව ඇති පසුබිමකයි මෙම පුවත වාර්තා වන්නේ.
රූට් අයි.පී.එල් වරම් දිනා ගත්තේ 2023 අදියරේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරමින්.
රූට්ගේ තීරණයට සිය කණ්ඩායම ගරු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් රාජස්ථාන් කණ්ඩායම සදහන් කළේ.
“රදවා ගැනීම්වලට අදාළ අපේ සාකච්ඡා අතරතුර ජෝ අපට දැනුම් දුන්නා 2024 අයි.පී.එල් තරගාවලියට එක් නොවීමට ඔහු ගත් තීරණය” යනුවෙන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ කුමාර් සංගක්කාර සදහන් කළා.