Ultimate magazine theme for WordPress.

රූට් හා පෝප් වාර්තා කළ ශතක එංගලන්තය ස්ථාවර කරයි

Day 3 Report

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය අද(12) නිමා වුණේ දිනයේ වැඩි ගෞරව එංගලන්තයට හිමි කර දෙමින්.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 90ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනය නිමා කළේ කඩුලු 5ක් දැවී ලකුණු 473ක් ලබා ගනිමින්.

ඔලී පෝප් හා ජෝ රූට් ශතක වාර්තා කරමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළා. පෝප් ලකුණු 145ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 13ක් සමගින්.

සිය 27 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ රූට් නොදැවී ලකුණු 163ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඔහුගේ ඉනිම හතරේ පහර 25කින් වර්ණවත් වුණා.

ඇලෙක්ස් ලීස් ලකුණු 67ක් හා නායක බෙන් ස්ටොක්ස් ලකුණු 46ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 89කට කඩුලු 3ක් දවා ගත් අතර, මැට් හෙන්රි හා මයිකල් බ්‍රේස්වෙල් එක් කඩුුල්ල බැගින් බිද හෙලුවා.

නොටින්හැම්හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය සියලු දෙනා දැවී පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 553ක්.

සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ ඩැරල් මිචෙල් පන්දු 318කින් ලකුණු 190ක් ලබා ගත්තා. හයේ පහර 4ක් හා හතරේ පහර 23ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. ටොම් බ්ලන්ඩල් ලකුණු 106යි.

පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 3ක් දවා ගත් අතර, ස්ටුවට් බ්‍රෝඩ්, බෙන් ස්ටොක්ස් හා ජැක් ලිච් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ඒ අනුව එංගලන්තය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 80 ක්.