රුටුරාජ් 20යි 20 තරගාවලියෙන් ඉවතට
ඉන්දීය පිතිකරු රුටුරාජ් ගයික්වඩ්ට නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
මැණික් කටුවක ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙනුයි ඔහුට එලෙස 20යි 20 තරගාවලිය අහිමි වී ඇත්තේ.
ඒ අනුව ආබාධය පිළිබද පරීක්ෂණ කටයුතු සදහා හා ආබාධය සුව කර ගැනීමේ පුනරුත්තාපන කටයුතු වෙනුවෙන් ඔහුව බැංගලූරුහි ජාතික ක්‍රිකට් ඇකඩමිය වෙත යොමු කර තිබෙනවා.
කෙසේ වෙතත්, ගයික්වඩ් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට කටයුතු නොකරන බව සදහන්.
දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය අද(27) රංචි හී දී රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.