රිස්වාන් හා ලිවින්ග්ස්ටන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන් හා එංගලන්තයේ ලියම් ලිවින්ග්ස්ටන් නවතම අයි.සී.සී පන්දුවාර 20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි කැපී පෙනන අයුරින් ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ දෙරට අතර පැවැති තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ දී ඔවුන් දෙදෙනා දැක් වූ දක්ෂතා හේතුවෙන්.
ඒ අනුව රිස්වාන් 7 වැනි ස්ථානය දක්වා ස්ථාන 4කින් ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.
ඔහු නිමා වූ තරගාවලියේ දී ලකුණු 176ක් රැස් කිරීමට සමත් වුණා.
මේ අතර, එංගලන්තයේ ලිවින්ග්ස්ටන් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 144කින් ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඔහු මේ වන විට 27 වන ස්ථානයේ යි රැදී සිටින්නේ.
ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 147ක් පාකිස්තානයට එරෙහිව වාර්තා කළ අතර, ඊට ශතකයක් ද ඇතුළත්.