Ultimate magazine theme for WordPress.

රිස්වාන් සහ හසන් අලී ඉහළම කොන්ත්‍රාත් හිමි පාකිස්තාන ක්‍රීඩකයින් අතරට

2021-22 වසර සදහා වන නව ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් පාකිස්තාන ක්‍රිකට් ආයතනය අද(2) ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව මොහොමඩ් රිස්වාන් සහ හසන් අලී එහි ඉහළම කාණ්ඩයට ඇතුළත් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ජූලි පළමු වැනිදා සිට ලබන වසරේ ජූනි 30 වනදා දක්වා වලංගු වන පරිදි මාස 12 ක කාලයක් සදහා මෙම කොන්ත්‍රාත් පිරිනැමීම සිදු කර තිබෙනවා.

ක්‍රීඩකයින් 20 දෙනෙකුට මෙවර කොන්ත්‍රාත් හිමිව ඇති අතර, සියලු ක්‍රීඩකයින්ට එක හා සමාන තරග ගාස්තුවක් ඕනෑම ආකාරයේ තරග රටාවක දී හිමි වනු ඇති.

ඒ අනුව කොන්ත්‍රාත් හිමිව ඇති කාණ්ඩය හෝ කොන්ත්‍රාත් හිමිව ඇත්ද නැද්ද යන කරුණු නොසලකා පාකිස්තානය නියෝජනය කරන සෑම ක්‍රීඩකයෙකුටම සමාන තරග ගාස්තුවක් හිමි වන බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ආබාධ හේතුවෙන් පසුගිය වසරේ දී හසන් අලීට කිසිදු කොන්ත්‍රාත්තුවක් හිමිව තිබුණේ නැහැ.

ෆහීම් අශ්රෆ්, ෆවඩ් අලාම්, මොහොමඩ් නවාස් සහ නයුමන් අලී යන ක්‍රීඩකයින්ද කොන්ත්‍රාත් හිමි නව ක්‍රීඩකයින් 8 දෙනා අතරට ඇතුළත්.

2020-21 වසරට අදාළව කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩකයින් 9 දෙනෙකුට මෙවර කොන්ත්‍රාත් හිමිව නැහැ.

ඒ අතරට අයත් වන්න් අසාඩ් ෂෆික්, හැරිස් සොහයිල්, ඉමාඩ් වසීම්, මොහොමඩ් අබ්බාස්, නසීම් ශාහ්, ශාන් මසූඩ්, උස්මාන් ශින්වාරි, හෙයිදර් අලී සහ ඉෆ්ටිකාර් අහ්මඩ් යන ක්‍රීඩකයින්.

නව කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩක ලැයිස්තුව –

  • Category A [ශ්‍රී ලංකා රුපියල් මිලියන 1.74 (මාසික)] Babar Azam, Hasan Ali, Mohammad Rizwan and Shaheen Shah Afridi
  • Category B [ශ්‍රී ලංකා රුපියල් මිලියන 1.1 (මාසික)] – Azhar Ali, Faheem Ashraf, Fakhar Zaman, Fawad Alam, Shadab Khan and Yasir Shah
  • Category C [ශ්‍රී ලංකා රුපියල් 869,225 (මාසික)] – Abid Ali, Imam-ul-Haq, Haris Rauf, Mohammad Hasnain, Mohammad Nawaz, Nauman Ali and Sarfaraz Ahmed
  • Emerging Category – Imran Butt, Shahnawaz Dahani and Usman Qadir
Leave a comment