රාහුල්ට කොරෝනා ආසාදනය වෙයි

ඉන්දීය ආරම්භක පිතිකරු කේ.එල් රාහුල්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.
ඒ, ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් 20යි 20 තරගාවලියට පෙර සුදුසු ශාරීරික යෝග්‍යතාවය ළගා කර ගැනීමේ උත්සාහයක ද නිරත වෙමින් සිටින පසුබිමකයි.
ජූලි 29 වැනිදා එම තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇති අතර, ඊට පෙර අද දිනයේ දී දෙරට අතර එක්දින තරගාවලිය කොදෙව් දූපත් හී දී ආරම්භ වීමට නියමිතයි.
පසුගිය මාසයේ දී කේ.එල් රාහුල් ජර්මනියේ දී ශල්‍යකර්මයකට මුහුණ දුන්නා. ඒ අනුව ඔහුව එක්දින තරගාවලියෙන් විවේක ගැන්වීමටයි එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තේ.
කෙසේ වෙතත්, කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ඔහුට 20යි 20 තරගාවලිය අහිමි වීමේ අවධානමක් මේ වන විට මතුව තිබෙනවා.