රාජ්ශාහී හිමිකරු ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීමත් සමග විදෙස් ක්‍රීඩකයින් හෝටයේ සිර වෙයි

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන Durbar Rajshahi කණ්ඩායමේ විදේශීය ක්‍රීඩකයින් ඩකා හි ඔවුන් රැදී සිටි කණ්ඩායම් හෝටලයේ සිර වී සිටින බව වාර්තා වනවා.
එම ෆ්‍රැන්චයිස් කණ්ඩායම විසින් ක්‍රීඩකයින්ට ලබා දිය යුතු ගෙවීම් නිසි කාලයේදී ලබා දීමට තවමත් අපොහොසත් වී ඇති අතර, විදෙස් ක්‍රීඩකයින් සිය රට බලා පිටත් යාමට ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් තවදුරටත් පසුවන බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඉදිරි පියවරවල් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ක්‍රීඩකයින් විසින් කණ්ඩායම් හිමිකරු සහ කළමනාකාරිත්වය අමතා ඇතත්, ක්‍රීඩකයින්ගේ ඇමතුම්වලට ඔවුන් ප්‍රතිචාර දක්වා නොමැති බව සදහන්.
පසුගිය සෙනසුරාදා දිනයේදී මූලික වටයේ තරග අවසන් වූ අතර, Khulna Tigers කණ්ඩායම විසින් Dhaka Capitals කණ්ඩායම පරාජයට පත් කිරීමත් සමග Rajshahi කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.
Rajshahi සංචිතයට ඇතුළත් විදෙස් ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකාවේ ලහිරු සමරකෝන් ද ඇතුළත් අතර, සෙසු විදෙස් ක්‍රීඩකයින් වන්නේ Ryan Burl, Mohammad Haris, Mark Deyal, Miguel Cummins හා Aftab Alam.
ඔවුන්ගෙන් කිහිපදෙනෙකුට වැටුපෙන් 25% ක කොටසක් ගෙවා ඇතත්, ඇතැම් ක්‍රීඩකයින්ට කිසිදු මුදලක් ගෙවා නොමැති බවයි වාර්තා වන්නේ. තවද, පසුගිය දින 11 තුළ ක්‍රීඩකයින්ට දෛනික දීමනාව ද ලැබී නොමැති බව සදහන්.
ගෙවීම් නොලැබීම හේතුවෙන් එම කණ්ඩායමේ ක්‍රීඩකයින් එක් අවස්ථාවක පුහුණුවීම් කටයුතු ද වර්ජනය කර තිබූ අතර, විදෙස් ක්‍රීඩකයින් තරගයක් ක්‍රීඩා කිරීමෙන් ඉවත් වීමට ද පියවර ගත්තා.
Rajshahi කණ්ඩායමේ හිමිකරු Shafiq Rahman ට Chattogram නුවර කණ්ඩායම රැදී සිටි හෝටලයේ බිල නියමිත වේලාවට ගෙවීමට ද නොහැකි වී තිබූ බව වාර්තා වුණා.
ඔහුගේ හෝටල් කාමරයෙන් පිටත ආරක්ෂක නිලධාරියෙකු ස්ථානගත කර තිබූ ආකාරයක් මෙන්ම ඔහු භාවිතා කළ මෝටර් රථයක් හෝටලයේ බලධාරීන් විසින් සිය භාරයට ගත් බවටත් මාධ්‍ය වාර්තා පල වුණා.
BPL තරගාවලි සංවිධායක කමිටුවේ සාමාජික-ලේකම් නස්මුල් ෆහීම් සදහන් කළේ Rajshahi හිමිකරුවන් තරගාවලියට සම්බන්ධ කර ගැනීමේ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඔවුන් පිළිබද නිසි පරීක්ෂාවක් සිදු කර නොමැති බවයි.
“මම හිතන්නේ අපි ෆ්‍රැන්චයිස් කණ්ඩායම නිසි ලෙස විනිශ්චය කළේ නැහැ. මම හිතන්නේ අපි ඔවුන්ගේ අත්දැකීම් සහ මූල්‍ය ශක්තිය තහවුරු කර ගත්තේ නැහැ. ඒක දැන් අපිව අමාරු තත්ත්වයකට පත් කරලා” යනුවෙන් ඔහු කියා සිටියා.
මේ අතර, Rajshahi හිමිකරුට තමන් ආමන්ත්‍රණය කළ බවත්, ගැටලුව විසදීමට අපොහොසත් වන්නේ නම් ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වනු ඇති බවට අනතුරු ඇගවීමක් සිදු කළ බවත්, බංග්ලාදේශ ක්‍රීඩා උපදේශක අසිෆ් මහමුද් සදහන් කළා.
“මම Rajshahi හිමිකරුට කතා කළා, ඔහු ගෙවීම් සිදු කරන බවට අපට සහතික වුණා, මම ඔහුට පැහැදිලිවම කිව්වා ඔහු එසේ කිරීමට අපොහොසත් වුවහොත් අපි නීතිමය පියවර ගන්නා බව. තවදුරටත් සාකච්ඡා නැහැ.” යනුවෙන් මහමුද් පැවසුවා.
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයින්ට ගෙවීම් නිසි වේලාවට සිදු නොකිරීම සම්බන්ධයෙන් කරුණු සෙවීම සදහා එරට ක්‍රීඩා අමාත්‍යංශය ත්‍රිපුද්ගල කමිටුවක් ද පසුගියදා පත් කළා.