රාජස්ථාන් රෝයල්ස් පුහුණුකරු ධූරය ඩ්‍රාවිඩ්ට – සංගාට මොකද වෙන්නේ?
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස රාහුල් ඩ්‍රාවිඩ් පත් කිරීමට නියමිතව ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔහු මීට පෙර ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තුරු කටයුතු කළා.
රාහුල් ඩ්‍රාවිඩ් මීට පෙර ද රාජස්ථාන් කණ්ඩායම සමග කටයුතු කර තිබෙනවා. 2012 හා 2013 වසරවලදී ඔහු එම කණ්ඩායමේ නායකත්වය ද දරනු ලැබුවා.
කණ්ඩායමේ අධ්යක්ෂ හා උපදේශක ලෙස ඔහු 2014 හා 2015 තරගවාරවලදී කටයුතු කළා.
මේ අතර, ඉන්දීය හිටපු පිතිකරුවෙකු වන Vikram Rathour ද රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු ලෙස පත් කිරීමට නියමිතව ඇති බව සදහන්.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය රාහුල් ඩ්‍රාවිඩ් විසින් භාර ගන්නා නමුත්, 2021 වසරේ සිට එම කණ්ඩාමේ ක්‍රිකට් අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ කුමාර් සංගක්කාර තවදුරටත් එම ධූරයේ කටයුතු කිරීමට නියමිතව ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව ඔහුට SA20 තරගාවලියේ දී පාර්ල් රෝයල්ස් කණ්ඩායමේ ද, CPL තරගාවලියේ දී බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායමේ ද වගකීම භාර වනු ඇති.