රහීම් සංචිතයේ ස්ථානය බේරා ගනියි

0 190

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතයට කඩුලු රකින පිතිකරු මුෂ්ෆිකර් රහීම් කැදවා තිබෙනවා.

මොමිනුල් හක්ගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ආරක්ෂක ගැටලු පදනම් කර ගනිමින් පාකිස්තානය සමග නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා මුෂ්ෆිකර් රහීම් ක්‍රීඩා නොකිරීමට තීරණය කර තිබුණා.

එම තරගයට ඔහු ක්‍රීඩා නොකිරීමත් සමග බංග්ලාදේශ කණ්ඩායමේ ඔහුගේ ස්ථානය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වූයේ සිම්බාබ්වේ ටෙස්ට් තරගයට සහ පාකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් තරගය සදහා ද පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයට නම් කළ සංචිතයම නම් කරන බවට බංග්ලාදේශ තේරීම් කමිටු ප්‍රධානීවරයා කළ ප්‍රකාශයත් සමගයි.

එමෙන්ම ප්‍රධාන පුහුණුකරු රසල් ඩොමින්ගෝ ද අවධාරණය කර තිබුණේ කණ්ඩායම් තේරීම් ක්‍රමවේදයේ දී අඛණ්ඩතාවයක් පවත්වා ගැනීම අවශ්‍ය බවයි.

මේ අතර, සිම්බාබ්වේ ටෙස්ට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතයට 20යි 20 නායක මහ්මුදුල්ලාහ් නම් කර නැහැ.

ඔහුට මේ වන විට උපදෙස් ලැබී ඇත්තේ සීමිත පන්දුවාර තරග පිළිබද වැඩි අවධානයක් යොමු කරන ලෙසටයි.

මෙහිදි හසාන් සහ මුස්ටෆිසුර් රෙහ්මාන් සංචිතයේ ස්ථාන හිමි කර ගෙන ඇති අතර, 2017 වසරේ දී අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇති ටස්කින් අහ්මඩ් ද සංචිතයට නම් කර තිබෙනවා.

නවක ක්‍රීඩකයින් දෙදෙනෙකු වන යසීර් අලී සහ හසන් මහ්මුද් ද ටෙස්ට් සංචිතය සදහා පළමු වරට නම් කර ඇති බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගය ලබන 22 වනදා ඩකාහීදී ආරම්භ වීමට නියමිතයි.

බංග්ලාදේශ සංචිතය –

  • Mominul Haque (c), Tamim Iqbal, Saif Hassan, Najmul Hossain, Mushfiqur Rahim, Mohammad Mithun, Liton Das, Taijul Islam, Abu Jayed, Nayeem Hasan, Ebadat Hossain, Taskin Ahmed, Mehidy Hasan, Mustafizur Rahman, Hasan Mahmud, Yasir Ali.
You might also like

Leave A Reply

Your email address will not be published.