Ultimate magazine theme for WordPress.

රසල්ගේ හයේ වැස්ස හමුවේ භානුකගේ ප්‍රහාරාත්මක ඉනිම අපතේ යයි

Match Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී පරාජයට පත් වූයේ පංජාබ් කිංග්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායමට පන්දුවාර 18.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137ක් පමණයි.

භානුක රාජපක්ෂ පන්දු 9කින් ලකුණු 31ක් රැස් කළා. ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 19කටත්, කාගිසෝ රබාඩා ලකුණු 25කටත් දැවී ගියා.

යළිත් සුපිරි පන්දු යැවීමක නිරත වූ උමේෂ් යාදව් ලකුණු 23කට කඩුලු 4ක් දවා ගත්තා. ටිම් සවුති ලකුණු 36කට බිද හෙලූ කඩුලු ගණන 2ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායම පන්දුවාර 14.3ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4ක් දැවී සිටියදීයි.

ඒ, අන්ඩ්‍රි රසල් පන්දු 31ක් පමණක් වැය කරමින් නොදැවී වාර්තා කළ ලකුණු 70න් ශක්තිමත් වෙමින්.

ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 51ක් තුළ බිද වැටුණු පසුබිමකයි ඔහු එම සුවිශේෂී ඉනිම ක්‍රීඩා කරමින් කොල්කටා කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියේ.

රසල්ගේ සුපිරි ඉනිම හයේ පහර 8කින් හා හතරේ පහර 2කින් වර්ණවත් වුණා.

පන්දු යැවීමේ දී රාහුල් චහාර් ලකුණු 13කට කඩුලු 2ක් බිද හෙලුවා.