රෂීඩ් විවේක ගන්වමින් ඇෆ්ඝනිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ
බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්රිකට් තරගය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය නිවේදනය කර තිබෙනවා.
මෙම තරගයෙන් සුපිරි දග පන්දු යවන ක්රීඩක රෂීඩ් ඛාන් විවේක ගැන්වීමටයි ඇෆ්ඝනිස්තාන ක්රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
ඒ, දෙරට අතර 2019 වසරේ දී පැවැති ටෙස්ට් තරගයේ දී රෂීඩ් ඛාන් කඩුලු 11 ක් දවා ගනිමින් සිය කණ්ඩායමට විශිෂ්ඨ ජයක් හිමි කර දීමට දායකත්වය ලබා දුන් පසුබිමකයි.
ශ්රී ලංකාව සමග පැවැති තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරග දෙක සදහා ද ඔහු ආබාධයක් හේතුවෙන් ක්රීඩා නොකළ අතර, අද(7) පැවැති අවසන් තරගය සදහා ඔහු ක්රීඩා කළා.
බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගයට නම් කෙරුණු ක්රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ඇෆ්ඝනිස්තාන සංචිතයට මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ක්රීඩකයින් තිදෙනෙකු ඇතුළත්.
වේග පන්දු යවන ක්රීඩකයින් වන Ibrahim Abdulrahimzai හා Nijat Masoud මෙන්ම පා දග පන්දු යවන ක්රීඩක Izharulhaq එලෙස ටෙස්ට් වරම් දිනා නොමැති ක්රීඩකයින් ලෙස සංචිතයට නම් කර තිබෙනවා.
දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගය ජූනි 14 වැනිදා මීර්පූර්හී Sher-e-Bangla ජාතික ක්රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
Afghanistan Squad :
Hashmatullah Shahidi (C), Rahmat Shah (VC), Afsar Zazai (WK), Ikram Alikhail (WK), Ibrahim Zadran, Abdul Malik, Baheer Shah, Nasir Jamal, Karim Janat, Zahir Khan, Izharulhaq Naweed, Hamza Hotak, Ibrahim Abdulrahimzai, Yamin Ahmadzai and Nijat Masoud.