රෂීඩ් ඛාන් T20 ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා බවට පත් වෙයි

විස්සයි 20 ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලුලාභියා බවට පත් වීමට ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් සමත් වුණා.
ඒ, SA20 ක්‍රිකට් තරගාවලියේ Qualifier 1 තරගයේදී MI Cape Town කණ්ඩායම නියෝජනය කරමින් Paarl Royals කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේගේ කඩුල්ල දවා ගනිමින්.
26 හැවිරිදි රෂිඩ් මේ වන විට තරග 461 කදී කඩුලු 633 ක් දවා ගෙන ඇති අතර, මීට පෙර ඩ්වේයන් බ්‍රාවෝ තරග 582 කදී කඩුලු 631 ක් දවා ගනිමින් විස්සයි 20 පිටියේ වැඩිම කඩුලුලාභියා බවට පත්ව සිටියා.