රයිනා ඇතුළු ප්‍රබලයින් රැසක් ලංකා ප්‍රිමියර් ලීග් වෙන්දේසියට
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සුරේෂ් රයිනා ද ලියාපදිංචි වී ඇති බව වාර්තා වනවා.
ක්‍රීඩක වෙන්දේසිය ජූනි 14 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ දී යි.
වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩකයින් සංඛ්‍යාව 355 ක් බව සදහන්. ඉන් ක්‍රීඩකයින් 202 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන අතර, සෙසු ක්‍රීඩකයින් 153 දෙනා විදෙස් ක්‍රීඩකයින් වනවා.
පාකිස්තාන ක්‍රීඩකයින් 34 දෙනෙකු ද, ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 24 දෙනෙකු ද, බංග්ලාදේශ ක්‍රීඩකයින් 24 දෙනෙකු ද, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් 17 දෙනෙකු ද, දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් 10 දෙනෙකු ද විදෙස් ක්‍රීඩකයින් අතරට ඇතුළත්.
ඉන්දීය හිටපු ක්‍රීඩක සුරේෂ් රයිනා අමෙරිකානු ඩොලර් 50,000 ක මූලික වටිනාකමක් යටතේ වෙන්දේසිය සදහා ලියාපදිංචි වී තිබෙනවා.
බංග්ලාදේශයේ ටමිම් ඉක්බාල්, ලිටොන් දාස්, මුෂ්ෆිකර් රහීම්, ටස්කින් අහ්මඩ්, එබඩොට් හොසේන්, මෙහිදි හසාන්, අෆිෆ් හොසේන්, ටයිජුල් ඉස්ලාම්, මොහමඩ් සයිෆුදීන්, මහ්මුදුල්ලාහ් රියාද්, රුබෙල් හොසේන් හා සෞම්‍ය සාකාර් වැනි ක්‍රීඩකයින් වෙන්දේසිය සදහා ලියාපදිංචි වී ඇති බවයි වාර්තා වන්නේ.
ඔස්ට්‍රේලියාවේ ක්‍රිස් ලින්, ඇන්ඩෘ ටයි, ජේසන් බෙහ්රෙන්ඩොර්ෆ්, මිචෙල් ස්වෙප්සන්, ක්‍රිස් ග්‍රීන්, බෙන් කටින්, කැමරන් බැන්ක්‍රොෆ්ට්, නේදන් කොල්ට-නයිල්, ඩර්සි ශෝර්ට් වැනි ක්‍රීඩකයින් ද, දකුණු අප්‍රිකාවේ රීසා හෙන්ඩ්‍රික්ස්, ඉම්රාන් තහීර්, රසී වැන් ඩර් ඩුසේන් වැනි ක්‍රීඩකයින් ද වෙන්දේසිය සදහා ලියාපදිංචි වී ඇති බව සදහන්.
කාර්ලස් බ්‍රැත්වෙයිට්, කෙනාර් ලුවිස්, එවින් ලුවිස්, ඇන්ඩෘ ෆ්ලෙචර්, ජොන්සන් චාර්ල්ස්, ෆේබියන් ඇලන්, ඔබෙඩ් මැකෝයි, කෙමා රෝච්, ලෙන්ඩ්ල් සිමන්ස්, ඔෂේන් තෝමස් වැනි ක්‍රීඩකයින් කොදෙව් දූපත්වලින් වෙන්දේසියට ලියාපදිංචි වී තිබෙනවා.
ඉෂ් සෝදි, ඩග් බ්‍රේස්වෙල්, චැඩ් බොවුස්, කොලින් ද ග්‍රෑන්ඩ්හෝම්, රචින් රවීන්ද්‍ර, බෙන් ලිස්ටර්, ටිම් සෙයිෆර්ට් වැනි නවසීලන්ත ක්‍රීඩකයින් මෙන්ම, ඉමාඩ් වසීම්, ශොයිබ් මලික්, අසාම් ඛාන්. ඉමාම් උල් හක්, ෆහීම් අශ්රෆ්, මොහමඩ් හැරිස්, ඉෆ්ටිකාර් අහ්මඩ්, සර්ෆරාස් අහ්මඩ්, අසිෆ් අලී, මොහමඩ් හෆීස්, උමාර් අක්මාල්, ශහ්නවාස් ධහානි, ෆවඩ් අලාම්, යසීර් ශාහ්, හැරිස් සොහයිල්, මොහමඩ් නවාස්, මුහමද් වසීම්, අබ්දුල්ලාහ් ශෆික්, වහබ් රියාස් වැනි පාකිස්තාන ක්‍රීඩකයින් ද වෙන්දේසිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඇෆ්ඝනිස්තානයේ නජිබුල්ලාහ් සඩ්රාන්, ෆසල්හක් ෆරූකි, හස්රටුල්ලාහ් සසායි, මොහමඩ් නබී, නූර් අහ්මඩ්, කායිස් අහ්මඩ්, ඊබ්‍රහීම් සඩ්රාන්, ෆරීඩ් අහ්මඩ් වැනි ක්‍රීඩකයින් ද වෙන්දේසියට ලියාපදිංචි වී ඇති බව සදහන්.
සිකන්ඩ රාසා, ශෝන් විලියම්ස්, රයන් බර්ල්, පෝල් ස්ටර්ලින්, ලෝකන් ටකර්, මාර්ක් අඩයර්, හැරී ටෙක්ටර්, ජෝර්ජ් ඩොක්රෙල්, ජෝර්ජ් මන්සේ, ටොම් කූපර්, මුහමඩ් වසීම් වැනි ක්‍රීඩකයින් ද වෙන්දේසියට ඉදිරිපත් කෙරෙනු ඇති.
වෙන්දේසියේ දී වෙන්දේසිකරු ලෙස ඉන්දියාවේ චාරු ෂර්මා කටයුතු කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
- Also Read : LPL වෙන්දේසියට පෙර අත්සන් කළ ක්‍රීඩකයින් 20 දෙනා
ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා එක් කණ්ඩායමකට අමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් වියදම් කළ හැකියි. එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 30 ක පමණ මුදලක්.
එහිදී වෙන්දේසියට පෙර සෘජුව ගිවිසුම්ගත වන ක්‍රීඩකයින් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 500,000 ක මුදලක් ද, ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් මිලදී ගැනීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 500,000 ක මුදලක් ද වියදම් කළ හැකියි.
සෘජුව ගිවිසුම්ගත වීමේ දී යම් මුදල් ප්‍රමාණයක් ඉතිරි වුවහොත් එම මුදල් ප්‍රමාණය වෙන්දේසියේ දී වියදම් කිරීම සදහා භාවිතා කළ හැකි වන්නේ නැහැ.