Ultimate magazine theme for WordPress.

රමීස් රාජාගෙන් ශ්‍රී ලංකාවට උපහාසයක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති පළමු එක්දින තරගය පසුගියදා නිමා වුණේ ඉන්දියාවට කඩුලු 7ක පහසු ජයක් හිමි කර දෙමින්.

එම තරගයේ දී ශ්‍රී ලංකාව විසින් ලබා දුන් ලකුණු 263ක ජයග්‍රාහී ඉලක්කය නව මුහුණුවරකින් යුත් ඉන්දීය කණ්ඩායම හඹා ගියේ පන්දුවාර 36.4ක් අවසානයේ දී යි.

ශ්‍රී ලංකාවට වඩා තුන් ඉරියව්වෙන්ම ඉන්දීය ක්‍රීඩකයින් එම තරගයේ දී බොහෝ සෙයින් ඉදිරියෙන් පසු වූ බව දක්නට ලැබුණා.

මේ අතර, මෙම තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හා ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන රමීස් රාජා සදහන් කර ඇත්තේ ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය විශ්වවිද්‍යාල කණ්ඩායමක් හා පාසල් කණ්ඩායමක් අතර පැවැති තරගයක් ලෙස දර්ශනය වූ බවයි.

කුසලතා, ක්‍රියාත්මක කිරීම, දක්ෂතා, තරගය තේරුම් ගැනීමට ඇති හැකියාව යන කරුණු සැළකීමේ දී කණ්ඩායම් දෙක අතර පැහැදිලි වෙනසක් දැකිය හැකි වූ බව ඔහු පෙන්වා දෙනවා.

දග පන්දු යවන්නන්ට එරෙහිව පන්දුවට පහරදිය යුත්තේ කෙසේදැයි ශ්‍රී ලංකා පිතිකරුවන්ට කිසිදු අදහසක් නොතිබූ බවයි රමීස් රාජා කියා සිටියේ.

Leave a comment