රබාඩාට ක්‍රිකට් තහනමක් පැනවූ සම්පූර්ණ කතන්දරේ මෙන්න

තමාට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පනවා ඇති බව දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා පවසනවා.
මත්ද්‍රව්‍ය පරීක්ෂණයකින් අසමත් වීම හේතුවෙනුයි ඔහුට එරෙහිව මෙම තහනම පනවා ඇත්තේ.
මෙවර අයි.පී.එල් තරගාවලියේ දී ඔහු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කළ අතර, පසුගිය මස මුලදී රබාඩා යළි සිය රට බලා පිටත්ව ගියා.
එම අවස්ථාවේදී ටයිටන්ස් කණ්ඩායම නිවේදනය කළේ වැදගත් පෞද්ගලික කාරණයක් හේතුවෙන් ඔහු යළි දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගිය බවයි.
නමුත්, මත්ද්‍රව්‍ය ලබා ගත් බවට අනාවරණය වීම හේතුවෙන් පැනවූ තහනමක් නිසා තමන් යළි දකුණු අප්‍රිකාවට පැමිණි බව අද දිනයේදී රබාඩා තහවුරු කර සිටියා.
රබාඩා විසින් තමන් භාවිතා කළ මත්ද්‍රව්‍ය පිළිබද තොරතුරු හෝ ක්‍රිකට් තහනමේ කාලසීමාව සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර නැහැ.
ජනවාරි හා පෙබරවාරි මාසවලදී පැවැති SA20 තරගාවලිය අතරතුරයි ඔහු මෙලෙස මත්ද්‍රව්‍ය ලබා ගෙන ඇති බවට අනාවරණය වී ඇත්තේ.
South African Cricketers’ Association හරහා නිවේදනයක් නිකුත් කළ 29 හැවිරිදි රබාඩා සිය ක්‍රියාව සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කර සිටියා.
ඔහු සිදු කළ ප්‍රකාශය පහතින් –
“As has been reported, I recently returned to South Africa from participating in the IPL for personal reasons, this was due to my returning an adverse analytical finding for the use of a recreational drug.
“I am deeply sorry to all those that I have let down. I will never take the privilege of playing cricket for granted. This privilege is much larger than me. It goes beyond my personal aspirations.
“I am serving a provisional suspension and I am looking forward to returning to the game I love playing.
“I couldn’t have gone through this alone. I’d like to thank my agent, CSA, and Gujarat Titans for their support. I’d also like to thank SACA and my legal team for their guidance and counsel. Most importantly I’d like to thank my friends and family for their understanding and love.
“Moving forward, this moment will not define me. I will keep doing what I have always done, continuously working hard and playing with passion and devotion to my craft.”