රචින් රවීන්ද්‍ර ටෙස්ට් සංචිතයට කැදවයි – O’Rourke පළමු වරට ටෙස්ට් සංචිතයට

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.
සංචිතය සදහා රචින් රවීන්ද්‍ර නම් කර ඇති අතර, 22 හැවිරිදි නවක වේග පන්දු යවන ක්‍රීඩක Will O’Rourke පළමු වරට ටෙස්ට් සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඔහු නම් කර ඇත්තේ දෙවැනි ටෙස්ට් තරගය සදහා පමණයි.
පාදයක ආබාධයක් හේතුවෙන් පාකිස්තානය සමග පැවැති අවසන් 20යි 20 තරග 3 ක්‍රීඩා නොකළ කේන් විලියම්සන් ද සංචිතයට ඇතුළත්.
ආබාධවලින් සුවය ලබමින් සිටින ටොම් බ්ලන්ඩල් හා ක්යිල් ජමීසන් ද ටෙස්ට් සංචිතයට නම් කර තිබෙනවා.
දග පන්දු යවන්නන් වන ඉෂ් සෝදි හා අජාස් පටෙල් සංචිතය සදහා නම් කර නැහැ.
නවසීලන්ත – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය පෙබරවාරි 4 වැනිදා Mount Maunganui හී දී ආරම්භ වීමට නියමිතයි.
New Zealand Test squad
Tim Southee (c), Tom Blundell, Devon Conway, Matt Henry, Kyle Jamieson, Tom Latham, Daryl Mitchell, Will O’Rourke (second test only), Glenn Phillips, Rachin Ravindra, Mitch Santner, Neil Wagner, Kane Williamson, Will Young