යොවුන් ලෝක කුසලානයේ තරග නිළධාරීන් අතරට එක් ශ්‍රී ලාංකිකයෙක්

යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා එක්වන විනිසුරුවරුන්ගේ හා තරග තීරකවරුන්ගේ නම් ජගත් ක්‍රිකට් කවුන්සලය අද(10) නිවේදනය කළා.
ලෝක කුසලාන තරගාවලිය එළඹෙන 14 වනදා සිට පෙබරවාරි 5 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී පැවැත්වීමට නියමිතයි.
රටවල් 14කින් විනිසුරුවරුන් 19 දෙනෙකු මෙවර තරගාලියේ දී පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන අතර, පස් දෙනෙකු තෙවන විනිසුරු ලෙස ද තරගාවලියේ පළමු අදියරේ දී කටයුතු කරන බව ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළා.
තරගාවලිය සදහා තරග තීරකවරුන් තිදෙනෙකු ද එක් වනවා.
ඒ අතරට ශ්‍රී ලංකාවේ ග්‍රැහැම් ලැබ්රෝයි මහතා ද ඇතුළත්.
Umpires:
Asif Yaqoob, Allan Haggo, Arnold Maddela, Buddhi Pradhan, David McLean, David Millns, Emmerson Carington, Heath Kearns, Jacquline Williams, Mark Jameson, Martin Saggers, Nitin Bathi, Rahul Asher, Rashid Riaz, Rizwan Akram, Roland Black, Sameer Bandekar, Sarika Prasad, Vijay Prakash Mallela
Match Referees:
Graeme Labrooy, Denavon Hayles, Phil Whitticase