යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයට එරෙහිව වර්ගවාදී චෝදනා ගොණු කෙරේ

වර්ගවාදයට සම්බන්ධ සිදු වීම් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයට හා පුද්ගලයින් කිහිප දෙනෙකුට එරෙහිව චෝදනා ගොණු කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, චෝදනා ගොණු කර ඇත්තේ කුමන පුද්ගලයින්ට එරෙහිව දැයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර නැහැ.
ක්‍රිකට් විනය කොමිසමේ ස්වාධීන මණ්ඩලයක් විසින් මෙම චෝදනා විභාග කරන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා.
සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසවලදී එම විභාගයන් සිදු කරනු ඇති.